Tel - 055-2231916 Email-upcruraldept@gmail.com

දෙපාර්තමේන්තුවේ පසුබිම

1987 පළාත් සභා අරම්භයත් සමග 13 වන අණ්ඩුක්‍රම ව්‍යවස්ථා බලතල බෙදීම යටතේ පළාත් සභා වලට ග්‍රාම සංවර්ධන විෂය කටයුතු හිමිවිය. ඒ අනුව 2002.12.27 දිනැති අංක 1268/15 දරන ගැසට් නිවේදනය මගින් 2001 අංක 06 දරන ඌව පළාත් ග්‍රාම සංවර්ධන ප්‍රඥප්තියද 2011.05.16 දිනැති අංක 1706/10 දරන ගැසට් නිවේදනය මඟින් 2011 අංක 01 දරන ඌව පළාත් සභාවේ ග්‍රාම සංවර්ධන ප්‍රඥප්තියද  ප්‍රකාශයට පත් වු අතර ඒ යටතේ විවිධ වැඩ සටහන් ක්‍රියාවට නංවන ලදි.

2011 අංක 01 දරන ග්‍රාම සංවර්ධන ප්‍රඥප්තියේ පවත්නා අඩුපාඩු නිවැරදි කර යාවත්කාලීන කිරීමේ අරමුණින් නව ප්‍රඥප්ති කෙටුම්පතක් සකස් කෙරෙමින් පවතී.

දැක්ම

“ගමට නවෝදයක් – යහපත් සමාජයක්”

මෙහෙවර

ග්‍රාම සංවර්ධන ව්‍යාපාරය තුළින් ජනතාවගේ සාමුහික ශ්‍රමය, හැකියාවන් හා දක්ෂතාවයන් පදනම් කර ගනිමින් නව තාක්ෂණික දැනුම හා යටිතල පහසුකම් සැමට සාධාරණ අයුරින් ලබා දී තරුණ පරපුරේ කුසලතා දියුණු කරමින් ආදායම් උත්පාදක මාර්ගවලට යොමුකර පරිසර හිතකාමි සමෘද්ධිමත් ගම්මාන බිහිකරලීම සදහා ඔවුන්ගේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික සංවර්ධනය ඇතිකිරීම තුළින් ජාතික සංවර්ධනයට දායක වීම යන අපගේ මෙහෙවර ඉටුකර ලීමට යුහුසුළුව කටයුතු කිරීම දෙපාර්තමේන්තුවේ කාර්ය භාර්ය වේ.